Friday, April 19, 2024

පාකිස්ථානයේ දී පුද්ගලයින් 20 දෙනෙකු පිලිස්සී ජිවිතක්ෂයට

පාකිස්ථානයේ, පන්ජාබ් ප්‍රාන්තයේ දී මගී බස් රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ

රිය අනතුරත් සමග බස් රථය සහ බවුසරය ගිනි ගෙන තිබු බව සඳහන්.

සහන සේවකයින් සඳහන් කළේ මියගිය පුද්ගලයින් රැසකගේ සිරුරූ හඳුනා ගත නොහැකි අයුරින් පිළිස්සී ඇති බවයි.

පාකිස්ථාන බලධාරීන් සඳහන් කළේ පන්ජාබ් ප්‍රාන්තයේ දින 03ක් ඇතුලත සිදුවූ දෙවන විශාලතම රිය අනතුර මෙය බවයි.

පසුගිය සෙනසුරාදා ට්‍රක් රථයක් සහ මගී බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles