Friday, April 19, 2024

2017 වසරට පසු මෙරට ඉහළම උද්ධමනය ඔක්තෝබර් මාසයේ වාර්තා වෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2017 වසරින් පසු මෙරට ඉහළම උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේදී වාර්තා වී තිබෙනවා.

එම අගය දැක්වෙන්නේ සියයට 8.3 ක් ලෙසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 8.3 ක් වන අතර සැප්තැම්බර් මාසයේ එය වාර්තා වී තිබුනේ සියයට 6.2 ක් ලෙසයි.

මෙය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.1 ක ඉහළ යෑමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles