Wednesday, April 24, 2024

21 වැනි සංශෝධනයේ කථාව (Video)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21-ඒ සංශෝධන කෙටුම්පත අද දින රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

එහිදී කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අදාළ පක්ෂ නායකයින් වෙත යොමු කොට එළෙඹෙන සිකුරාදා ඔවුන්ගේ අදහස් විමසා සංශෝධන ඇත්නම් ඒ සමග සම්පුර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බව කියා සිටියා.

එම සංශෝධන සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට යොමු කොට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ගැසට් නිවේදනය පළ කිරීමෙන් අනතුරුව අවශ්‍ය පාර්ශවයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට හැකියාව පවතින බවත් හැකි ඉක්මනින් සියලු දෙනා ගේ සහයෝගය සහිතව 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරිමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා සතු බලතල අවම කිරීම, ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයින්ට මන්ත්‍රීධුර දැරීමේ හැකියාව අවලංගු කෙරෙන යෝජනාවද ඇතුළුව තවත් සංශෝධන රැසක් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles