Friday, March 29, 2024

ඉන්දියාවේ ජම්මු , කාශ්මීරයේ කාන්තාවන් 21 දෙනෙකුට විශේෂ උපහාරයක්

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පසුගාමී ප්‍රාන්තයක් ලෙස සැළකුණු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ කාන්තා ක්‍රියාකාරිනියන් වෙත උපහාර පිදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ප්‍රාන්තයේ කාන්තා සමාජ සුබසාධන දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහ සවිබල ගැන්වීම සඳහා වූ අධ්‍යක්ෂ මණ්ඩලය, Radio Mirchi 983 සමඟ එක්ව Mirchi Power 21 වැඩසටහන යටතේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද තම ක්ෂේත්‍රවල පුරෝගාමීන් වීමට උත්සාහ කරන කාන්තාවන් 21 දෙනකුට උපහාර දැක්වීම සිදු කර ඇත.

2021 වසරේ බලගතු කාන්තාවන් 21 දෙනෙකු ෂර්-අයි-කාශ්මීර සම්මේලන මධ්‍යස්ථානයට කැදවා උපහාර දැක්වීම සිදුකරනු ලැබූ අතර එහිදී සමාජයේ විවිධ තරාතිරම්වල කැපී පෙනෙන කාන්තාවන් වෙත සම්මාන ප්‍රදානය කරන ලදී.

ප්‍රාන්තයේ පළමු කාන්තා රෝදපුටු බාස්කට් බෝල් ක්‍රීඩිකාවක් වන ඉන්ෂා බෂීර් සහ විශිෂ්ඨ මානසික සෞඛ්‍ය විශේෂඥවරියක වන උෆ්රා මිර් ද සම්මානලාභීන් අතර වූ බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles