Tuesday, April 23, 2024

ගෝල්ෆේස් ආපු අයට කන්න දෙන්න කෝටී 3ක් ගිහින්….

ගෝල්ෆේස් ජනතා උද්ඝෝෂණය පටන් ගත් දා සිට මේ දක්වා සිව් දෙසින් රාජකාරියට කැඳවූ පොලිස් නිලධාරීන්ට ආහාර සැපයීම සඳහා පමණක් අද වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට කෝටි තුනකට ආසන්නව වියදම් වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් 1500ක් පමණ පිරිසක් විශේෂ රාජකාරි සඳහා ජනතා උද්ඝෝෂණ භූමිය අරමුණු කරගත් රාජකාරි සඳහා කැඳවා ඇති අතර ඔවුන්ගේ දෛනික ආහාර සඳහා දිනකට පොලිස් දෙපාර්තමේන්තුව වැය කරන මුදල රුපියල් දාහත් ලක්ෂ පනස් දහසක් පමණ බව වාර්තා වේ.

අනෙක් මූලික වියදම් ද එක් වූ පසු වැටුප හැර දෛනිකව ඔවුන්ගේ විශේෂ රාජකාරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් වැය වන බවත් මේ උද්ඝෝෂණය ආරම්භ වුණ දා සිට අද දක්වා උක්ත ඉලක්ක රාජකාරියට යෙදවීම සඳහා අමතරව වියදම් කළ මුදල කෝටි හයකට ආසන්න බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මීට අමතරව සේනාකංකයට ආසන්න භටපිරිසක් සහිත හමුදා සාමාජිකයන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් වෙනුවෙන් දැරූ වියදම වාර්තා වී නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles