Saturday, April 20, 2024

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් දෙසැම්බර් අවසාන සතියේ මුලු රටම වසා දැමීමේ අවදානමක් !

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සති අන්තයේ විවිධ ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පවයි.

ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් වෛරසය නැවතත් වේගයෙන් පැතිර යන බවත් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගත නොහැකි මට්ටමට වැඩි විය හැකි බවත් පෙන්වා දෙනවා

ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බැවින් ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? යන තීරණය ජනතාව සතු බවයි ඔහු පවසා සිටියේ.

“සතිඅන්තය ගතකිරීම සඳහා නොයෙකුත් ප්‍රදේශවලට ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා. කෙසේවෙතත් මේ වෙද්දි ලංකාවේ බොහෝ ප්‍රදේශවල විනෝද චාරිකා ගමන්කරන පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරනවා.

විශාල වශයෙන් වාර්තා වෙනවා වැව් ආශ්‍රිතව ඒ වාගේ ස්ථානවල විනෝද වෙමින්, දියනාමින් කටයුතු කරනවා. සතිඅන්ත නිවාඩුව ගත කරන්න ඔබ කොහේ හරි ගිහිල්ලා ඉන්නවා නම් ඒ සෑම ස්ථානයකම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලනවා.

ඔබගේ වගකීම් යුතු හැසිරීම මේ සතිඅන්තයේ, ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? කියන එක තීරණය වෙනවා ඒ නිසා වගකීමෙන් කටයුකු කරන්න කියලා ඉල්ලනවා.”යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles