Thursday, April 25, 2024

කොවිඩ් ඩෙල්ටා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිර යනවා – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

සෞඛ්‍යය අමාත්‍යාංශයේදී මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ,කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ උප ප්‍රභේදයක් රට තුළ පැතිර යන බව රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා පවසා සිටියේය. ඒ මහතා වැඩි දූරටත් පවසා සිටියේ එම ප්‍රභේදය පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර සීඝ්‍රයෙන් පැතිරීයාම සුලභව දැකිය හැකි බවයි.

පූර්ණ එන්නත්කරණයට ලක්වු සියලුදෙනා තමන්ට වැළඳෙන රෝගී තත්ත්වයන් නොසලකා හැරීමෙන් වළකින ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

ශීත කාලගුණයක් පවතින මෙම කාලසීමාවේදී උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි අසනීප තත්ත්වයන් ඇතිවන්නේ නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුවීම සුදුසු බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ.

පූර්ණ එන්නත් කරණයට ලක්වූ අයටද නව වෛරස් ප්‍රභේදය පැතිරයාමේ ඉඩකඩක් පවතින බව පවසන අමාත්‍යයවරයා පූර්ණ එන්නත් කරණය ලක්වූවන් අතරද එම ප්‍රභේදය පැතිර යන බවයි.

ඒ අනුව යම් අයෙකු පූර්ණ එන්නත්කරණයට ලක්වූ පමණින් එම පුද්ගලයාට නව වෛරස් ප්‍රභේදය වැළඳෙන්නේ නැති බවට නිගමනය නොකළ යුතු බව පවසන අමාත්‍යයවරයා පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් රෝග වාහකයන් ලෙස කටයුතු කිරීමේ ඉඩ කඩක් ඇති බව අවධාරණය කළේය.

එබැවින් සියලු දෙනා සෞඛ්‍යය ආරක්ෂිත පුරුදු අනුගමනය කළ යුතු බවද රාජ්‍යය අමාත්‍යයවරයා අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles