Friday, April 26, 2024

දියවන්නාවෙන් ලෝක බැඩ්මින්ටන් තරගාවලියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්

දියවන්නාවෙන් බිහි වූ එකම බැඩ්මින්ටන් ශූරයා වන ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශූරතා තරඟාවලියට තේරී පත් වී ඇත.

මෙම තරඟාවලිය ස්පාඤ්ඤයේ සෙවිල් (Seville) නගරයේදී මේ මස 25 වැනි දින සිට ලබන මස 05 වැනි දින දක්වා පැවැත්වේ.

සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කඩවත මහා බෝධි විද්‍යාලයේ හා කඩවත මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විද්‍යාලීය ශිෂ්‍ය නායක, ක්‍රීඩා නායක හා ශිෂ්‍ය භට කණ්ඩායම් නියෝජනය කර ඇත.

තවද 2019 ගම්පහ දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලියෙන් ශූරතාවයත්, අවුරුදු 40 ට වැඩි ඉසව්වෙන් ගම්පහ දිස්ත්‍රික් ශුරතාවයත් අනුරාධපුර පැවති සමස්ත ලංකා බැඩ්මින්ටන් තරඟාවලියේ අනුශූරතාවයත්, 2021 නුවරඑලියේ පැවති සමස්ත ලංකා තරගාවලියේ ශූරතාවයත්, 2021 බස්නාහිර පළාත් සමස්ත ලංකා බැඩ්මින්ටන් අවසන් තරඟාවලියේ යුගල අවසන් වටයෙන් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ පාදයක සිදුවූ ආබාධයක් නිසා තරග කිරීමට නොහැකි වීමෙන් තරග නොකරම අනුශූරතාවයත් හිමි කරගෙන ඇත. මීට අමතරව 2018, 2019 වර්ෂවල සමස්ත ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති වශයෙන්ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක බැඩ්මින්ටන් තරගාවලියකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම තරගාවලියට සහභාගී වීම සඳහා බැඩ්මින්ටන් සංගමයේ නිර්දේශයට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු අවසරය ලබා දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles