Thursday, April 25, 2024

ලොක්කා නැග්ගුවාට කමක් නෑ.. අපිට ගහන්න එන්න එපා.අපිට ගැහුවොත් අපි ගහන්නේ වෙන විදිහකට ‌
ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ අපේ අතේ!

වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගැසීමට අකමැති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබීය.

තමන්ගේ මට්ටම්වලට ගැලපෙන ලෙස කතා කළයුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය රැඳී ඇත්තේ ”ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ අතේ” යැයිද ඔහු පවසා සිටියා.

ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රී ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරයෙන් අදහස් පල කරන ලදි.

එබැවින් ”ගහගන්න ගියොත් මොන මොන තුවාල ඇති වෙයි ද කියන එක ප්‍රශ්නයක්” යනුවෙන් ද ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමනට ගැහුවොත් වෙනත් විදිහට පහර දීමටත් සූදානම් බවයි.

එමෙන්ම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැ 14 දෙනා අතේ බවද ඔහු පැවසීය.

“මටත් අයිතියක් තියෙනවා කථානායකතුමනි හිටපු ජනාධිපති විදියට මාව එල්ල කරලා යම්කිසි දෙයක් කියනවා නම්, එයට පිළිතුරු දෙන්න. අපි නම් ගැහුවොත් ගහන්නේ නෑ. ගැහුවොත් අනුකම්පා කරනවා. ගහගන්න ජාතියේ මිනිස්සු නෙමෙයි අපි. අපි ගැහුවොත් ගහන්නේ ඔය කියන විදියට නෙමෙයි ගහන්නේ වෙන විදියකට. මගේ අවුරුද්දක වැය ශීර්ෂය සහ වත්මන් ජනපතිගේ වැය ශීර්ෂය අරගෙන ජනතාවට දෙන්නේ මම අනවශ්‍ය වියදම් කළා කියලා. එක එක වැය ශීර්ෂ කිහිපයක් මගේ කාලේ ඒවා කිව්වා. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න. ඒ මොකද මම ආදර්ශයක් දුන්නා මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ගමන් බිමන් ගියපු හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යානා පාවිච්චි කරපු හැටි හෙළිකොප්ටර් පාවිච්චි කරපු හැටි, ඒවාට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳලා. ඒ නිසා ගහගන්න ගියොත් කිව්වානේ ඕනෑ නම් ගහගන්න අපිත් ඉන්නවා කියලා. ගහගන්න ගියො ත් මොන මොන ගුවාල ඇති වෙයි ද කියන එක ප්‍රශ්නයක්.

පොදුජන පෙරමුණ සහ මිත්‍ර පක්ෂ 11 එකතුවුණ ආණ්ඩුවක් මේක. ඒ නිසා අපිටත් බොහෝම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට ගහ ගන්න බැහැ අපි හරිම අහිංසක මිනිස්සු. මහින්දානන්ද ඇමතිතුමා ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ  දුමින්ද දිසානායක ඇමතිතුමා එක්ක කියලා තිබුණා, දුමින්ද දිසානායක ඇමතිතුමා මට හවස කිව්වා, දුමින්ද ඇමතිතුමා ඇහුවලු මහින්දානන්ද ඇමතිතුමාගෙන් “මොකද මේ වාහන පාවිච්චි කළා කියලා මේවා මේ වැඩක් නැති දේවල් නේ” කියලා.  එතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තියෙන පිළිතුර තමයි දන්නේ නැද්ද දුමි අපි අපේ ලොක්කා නග්ගන්න මොනවා හරි කියන්න එපැයි කියලා. ලොක්කා නග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නේ නැතුව ලොක්කා නග්ගන ක්‍රම ඕන තරම් තියෙනවා නේ. අපිත් ඒ ලොක්කා එක්කනේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ නිසා මීට වඩා සංවරව මීට වඩා ආචාරශීලි ලෙස ආණ්ඩු පක්ෂය තුළ ප්‍රශ්න හදාගන්නේ නැතුව කටයුතු කරන්න. අපි ඒ මිත්‍රත්වය තියා ගමු. අපි පහළට වැටෙන්න ඕනේ නෑ. මහින්දානන්ද ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක් දයාසිරි ජයසේකර මහත්තයා හිටපු මහඇමතිවරයෙක් ඒ නිසා අපේ මට්ටම්වලට ගැළපෙන විදියට කටයුතු කරමු.”

1947 ඉඳන් මේ රටේ ආණ්ඩු බලයට පත්වෙච්ච පළවන මැතිවරණයේදී පක්ෂ සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමග කඩා ගත්තා. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 64. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 75. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ 5/6 බලය දික් කරගන්න ගිහිල්ලා ජනමත විචාරණයක් තිබිලා අන්තිමට පක්ෂය ලලිත්, ගාමිණීගා යන්න ගිහිල්ලා අද වෙනකනු ත් එක්සත් ජාතික පක්ෂයට නැගිටගන්න බැරි තැනකට ආවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කට්ටියක් කඩාගෙන ගියා. ඒකෙන් ඒ ආණ්ඩුව නැතිවුණා. 2014දී මම සාධාරණ හේතු මත ආණ්ඩුවෙන් ඉවත් වෙලා පොදු අපේකෂකයා විදියට තරග කරනවා. ඒ ආණ්ඩු පරාජය වුණා.ඒක නිසා 2/3 බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරින් සංකීර්ණව ප්‍රබුද්ධව සහ බුද්ධිමත්ව හිතන්න ඕනේ. මීට වඩා බහුශ්‍රැත විදියට හිතන්න ඕනේ. ආණ්ඩුවේ 2/3 තියෙන්නේ ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා අතේ. ඒ නිසා ගහගත්තා ම ඊළඟට එන ප්‍රතිඵලය මීට කලින් ආණ්ඩු ඔප්පු කරලා තියෙනවා. ආණ්ඩු ඇතුළේ ගහගත්තාම මොක ද වෙන්නේ කියලා.”

හිටපු ජනාධිපතිවරයාගේ ධූර කාලයේදී සිදු කළ වියදම් සහ වර්තමාන ජනාධිපතිවරයාගේ වාර්ෂික වැය ශීර්ෂය සමග සංසන්දනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා හිටපු ජනාධිපතිවරයාට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අද (නොවැ. 25) පර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles