Saturday, April 20, 2024

නව අමාත්‍යවරු 38ක් දිවුරයි..LIVE

වත්මන් රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 9.15 වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ.

උදෑසන 09.30 ට පමණ මෙම රාජ්‍ය හා නියෝජ්‍යය අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීම ආරම්භවීමට නියමිත බවයි අප වෙත වාර්තා වුණේ.

අද දිනයේ දිවුරුම් දීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ඊයේ සාකච්ඡාවක නිරතවූ බව ද වැඩිදුරටත් වාර්තා වනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම මන්ත්‍රීවරුන් වෙත අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත්තේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පමණ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

UPDATE :

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මේ වනවිට දිවුරුම් දෙනු ලබයි. එම රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.

01. ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

02. රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය

03. ලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

04. දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

05. කනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

06. ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

07.ෂෙහාන් සේමසිංහ –

08. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

09. තේනුක විදානගමගේ – ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය

10. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් –

11.රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය

12. අරුන්දික ප්‍රනාන්දු –

13. විජිත බේරුවල –

14. ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත

15. තාරක බාලසූරිය – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

16.ඉන්දික අනුරුද්ධ – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය

17.සනත් නිශාන්ත – ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය

18. සිරිපාල ගම්ලත් – මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය

19. ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය

20. අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය

21 . වියාලේන්ද්‍ර

22.සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

23.පියල් නිශාන්ත ද සිල්වා – ධීවර රාජ්‍ය අමාත්‍ය

24. ප්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය

25. ඩී.වී චානක – වනජීවි හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය

26. ඩී.බී හේරත් – පසුසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

27.ශෂින්ද්‍ර රාජපක්ෂ – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය

28. සීතා අරඹේපොළ –

29. කාදර් මස්තාන් – ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

30.අශෝක ප්‍රියන්ත – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

31.අරවින්ද කුමාර් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

32. ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

33. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් –

34. සුරේෂ් රාගවන් – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

35.ඩයනා ගමගේ –

36.චාමර දසනායක –

37. අනූප පස්කුවල් – සමාජ බලගැනීමේ රාජ්‍ය අමාත්‍ය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles