Friday, March 29, 2024

ආණ්ඩුවෙන් එළියට බහින්න වාසු සුදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් තමන්ට ආණ්ඩුවේ සිටිය නොහැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේය.

ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති පසුබිමක තමන්ට තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වන බවයි ඔහු පවසන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට තීරණය කිරීම තුළින් ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව රටේ සුභසාධනය කප්පාදු කිරීම සිදුවන අතර රාජ්‍ය ආයතනවලට සිදුකරන වැයකිරීම් වලට සීමා පැනවීම ආදිය සිදුවන බව වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.

මෙම තත්ත්වය මත තමන්ට ආණ්ඩුවේ සිටීමට හැකියාවක් නැති අතර සිය තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව අමාත්‍යවරයා පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles