Saturday, April 20, 2024

යුක්‍රේනය හැර ගිය සංඛ්‍යාව තිස්පන් ලක්ෂය ඉක්මවයි

රුසියානු ආක‍්‍රමණයත් සමඟ යුක්‍රේනය හැර ගිය සංඛ්‍යාව තිස්පන් ලක්ෂය ඉක්මවන බව ජගත් සංවිධානය පවසනවා.

තවත් හැට හතරලක්ෂ අසූ දහසක් පමණ රට තුළ අවතැන් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් ෆිලීපෝ ග‍්‍රාන්ඩි කියා සිටියේ.

මෙහිදී රට හැර පළා ගිය පිරිස අතරින් සියයට 90ක්ම කාන්තාවන් සහ ළමයින් බව ඔහු පෙන්වා දෙනවා

මේ අතර යුධ ගැටුම් නිමාවකට පත්කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීම අතිශය වැදගත් බව යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි නැවත අවධාරණය කර තිබෙනවා.

එවැනි සාකච්ඡාවකින් තොරව දෙපාර්ශවය අතර මතභේද දුරු කරගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles