Friday, March 29, 2024

9 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට විවෘත කෙරේ

හෙට (18) 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරවරු 10.00ට රාජාසන කතාව සිදුකිරීමට නියමිතය.

ඉතා චාම් ආකාරයෙන් මෙම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති අතර වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී, සහකාර වේත්‍රධාරීවරයා, කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ඇත.

එහිදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී සිසු සිසුවියන් විසින් ජය මංගල ගාථා ගායනා කිරීමට නියමිතය.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකරන අතර ඉන්පසු සභාව කල්තැබීම සිදුවෙයි.

සභාව කල්තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිත අමුත්තන් වෙත තේ පැන් සංග්‍රාහයක් ද සංවිධානය කර ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles