Friday, September 27, 2024

රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ලබන 16 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා වන ‘කිදර් මොහොමඩ් ශියාබ්දීන් ඉස්මත්’ නැමැත්තා ලබන 16 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.

ඊයේ පස්වරුවේ එම නියෝගය නිකුත් කෙරුණේ කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.ඔහු, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ ජූඩ් හිෂාලිනී දැරිය කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ 4 වන සැකකරු වේ.

2016 වසරේ දී ඔහු, එම නිවසේ සේවය කළ තවත් බාල වයස්කාර දැරියක් අවස්ථා 2ක දී දූෂණය කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියාය.

එම සැකකරු ඩයගම ප්‍රදේශයේ ම පදිංචි එම දැරිය නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුල දී දූෂණය කර ඇති බවට හා අනතුරු ව පාර්ලිමෙන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසට පැමිණි පසු එහි සිටි දරුවන් ආපන ශාලාවක් වෙත යවා කාමරයක් තුළ දී බලහත්කාරයෙන් දූෂණය කළ බවත් හෙළි වී තිබේ.

ඒ සම්බන්ධයෙන් නිවසේ හිමිකාරියට දැනුම් දුන් නමුත් සහනයක් නො ලැබුණු බවත් එම දැරිය ප්‍රකාශ කර ඇතැයි ද පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නාය.

එසේ ම එම දැරියගෙන් යළිත් ප්‍රකාශ සටහන් කර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති බවට යි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට පෙන්වා දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles