Sunday, September 22, 2024

වතු කම්කරුවන්ගේ සිහිනය සැබෑවෙයි – රජයට ප්‍රසාදය පුදයි

පෞද්ගලික අංශයට සිදු කළ රුපියල් 2500 වැටුප් වැඩිවීම වතු කම්කරුවන්ට ද ලබාදීමට රජය ගත් ක්‍රියාමාර්ගයට වතුකම්කරුවන් සිය ප්‍රසාදය පළ කරයි.

වතු කම්කරුවන්ට ජුනි මාසයේ රුපියල් 2500ක හිඟමුදල් ගෙවීම සඳහා තේ මණ්ඩලය විසින් වතු සමාගම්වලට ණය මුදල් ලබාදී ඇති අතර ඒ අනුව සමාගම් විසින් කම්කරුවන් සදහා එම වැටුප් ගෙවීම සිදු කර ඇති බව සඳහන්ය.

එම වැටුප් ලැබූ වතුකම්කරුවන් පිරිසක් අද උදෑසන හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු, පුඩ්හිල් ප්‍රදේශයේදී එක්රැස් වී  ඒ සම්බන්ධයෙන් රජයට සිය ප්‍රසාදය පළ කළ බව වාර්තා වේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ට වැඩි කළ වැටුප වතු කම්කරුවන් වන තමන්ට ද ලබාදීමට මේ දක්වා වත්මන් රජය හැර පැවැති කිසිදු රජයක් කටයුතු කර නොමැති බව ඔවුන් එහිදී සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles