Friday, April 26, 2024

කෝලී ගෙන් ග්‍රවුන්ඩ් එක මැදදි අනුෂ්කට කිස් එකක්…

ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව විරාත් කෝලී ඊයේ දිනයේ ඔහුගේ ක්‍රිකට් දිවියේ තවත් එක් තීරණාත්මක කඩඉමක් පසු කළා.

ඒ, ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරගයේ දී ඔහුගේ මංගල පන්දුවාර 20 ශතකය රැස් කර ගැනීම යි.

පුදුමයට කාරණය වන්නෙ, මේ සුපිරි කසකාරයාට ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ඉසව්වේ ශතකයක් රැස් කරගන්නට තරඟ ශතකයකට වැඩි කාලයක් බලා සිටින්නට සිදු වීමයි.

විරාත් කෝලී සිය මංගල පන්දුවාර 20 ශතකය වාර්තා කරන්නෙ, ඔහුගේ 104 වැනි පන්දුවාර 20 තරගයේ දී පන්දු 61කදී වාර්තා වූ විරාත් කෝලීගේ ශතකයට හයේ පහර හයක් සහ හතරේ පහර 12ක් අන්තර්ගත වී තිබුණා.

ඔහුගේ මේ ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන්ම ඉන්දීය කණ්ඩායමට මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු 200 සීමාව ඉක්මවා ගිය පළමු කණ්ඩායම වන්නටත් අවස්ථාව ලැබුණා.

විරාත් කෝලී පන්දුවාර 20 අවසානයේ නොදැවී ලකුණු 122ක් රැස් කර ගත් අතර, ඉන්දීය කණ්ඩායම ලකුණු 212ක් රැස් කරගෙන සිටියා.

ඉන්දීය ඉනිමෙන් අනතුරුව සාකච්ඡාවකට එක් වූ විරාත් කෝලී අපුරු කතා කිහිපයක් කියා සිටියා.

“ඔබ දුටුවා ද මා මගේ මංගල මුදුව සිපගත්තා.

අද විරාත් කෝලී නැමති මම මෙතැන සිටගෙන සිටින්නෙ එක් පුද්ගලයෙක් සිදු කළ සුවිශේෂී කැපකිරීමක් සහ මඟ පෙන්වීමක් හේතුවෙන්.

එයා වෙන කවුරුත් නෙවෙයි, අනුෂ්කා. මම කැමතියි මම මේ ලබාගත් ශතකය අනුෂ්කාටත් මගේ කුඩා දියණිය වාමිකාටත් පුද කරන්න.

ඔබට ඔබේ පසුපසින් ඔබේ ප්‍රශ්න බෙදාගන්න කෙනෙක් සිටිනවා නම් ඔබට ඕනෑ දුරක් යා හැකියි.

මම තවත් මාසයකින් වයස අවුරුදු 34ක පුද්ගලයෙක්. මට තව දුරටත් ඉස්සර වගේ කෑ ගහලා උඩ පැනලා ජයග්‍රහණ සමරන්න වුවමනාවක් නෑ.

මම හිතන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවෙන් එළියේ හිටපු සති ගණනාව මගේ ක්‍රීඩාව සහ මගේ ජීවිතය වෙනස් කළා.

ඒ කාලය තුළ මම සිදු කරපු පුහුණුවීම් කැපකිරීම් වල ප්‍රතිඵලය තමයි මේක..

මම නැවතත් කණ්ඩායමට එනකොට කණ්ඩායම තුළින් මට පුදුම සහයෝගයක් ලැබුණා.

ඒ ප්‍රතිඵල මට සහ කණ්ඩායමට දෙකටම අද භූක්ති විඳීමට පුළුවන්..

මට ලකුණු සියයක් ලබාගන්න ආසන්න වශයෙන් වසර දෙකහමාරක් බලා ඉන්න වුණා.

ඒක ලේසි පහසු පීඩනයක් නෙවෙයි. හැමදේටම ස්තුතියි..” විරාත් කෝලී ජාත්‍යන්තර ශතකයක් වාර්තා කරන්නෙ 2019 නොවැම්බර් මාසයෙන් පසුව යි.

එමෙන්ම, ඔහු අද දිනයේ දී වාර්තා කළේ ඔහුගේ ක්‍රිකට් දිවියේ 71 වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ශතකයයි.

මේ අනුව ඔහු වැඩිම ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලබාගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පැමිණෙන්නෙ එතෙක් එහි සිටි ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු රිකී පොන්ටින් සම වෙමින් වීම විශේෂත්වයක්.

මෙම ලැයිස්තුවේ ඉහළම ස්ථානයේ සිටින්නෙත් තවත් ඉන්දියානුවෙක්.

ඒ, ජාත්‍යන්තර ටෙස්ට් ශතකයකට හිමිකම් කියන සචින් තෙන්ඩුල්කාර්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles