Friday, March 29, 2024

ශ‍්‍රීලනිප නායකත්වයට දකුණෙන් අලුත් නායකයෙක්?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වේ.

මෙම සැලසුම පසුපස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිටින්නේ යැයි ද පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති කිහිපයක් මත ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක වන බව ද දැනගන්නට ඇත.

එම පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු රාජ්‍ය නායකයා පත් වුවහොත් පක්ෂ නායකයා බවටද පත් වෙයි.

නමුත් ඔහු රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වූ පසු පක්ෂ නායකත්වය සඳහා ව්‍යවස්ථානුකූලව යළිත් තෝරා පත්කර ගැනීමත් සිදුවිය යුතු බවට වන වගන්තිය එසේ භාවිතා කිරීමට සැරසේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කර දකුණු පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයෙකු පක්ෂ නායකත්වය සඳහා පත්කිරීමට සූදානමක් ඇති බවද පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles