Friday, March 29, 2024

පාසල් දරුවන්ට බත්වේළක්…

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පාසල් දරුවන් ලක්ෂ 18කට පෝෂ්‍යදායි බත්වේළක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

රටේ පවතින ආර්ථික අර්බුදයත් සමග ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර තිබීම හේතුවෙනුයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත්තේ.

ඒ අනුව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 27ක් පාසල්වල ප්‍රාථමික අංශවල ‌පාසල් දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීමේ වැඩ පිළිවෙළකට ලබා දීමට එකඟතාවය පළ කර තිබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත දිවා ආහාර වේළක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව එක් පාසල් දරුවෙකුට දිනකට ග්‍රෑම් 75ක බත්වේලක් ලබා දීමට නියමිතයි.

එසේම සියලුම දරුවන්ට දිනකට බිත්තරයක් බැගින් ලබා දීමටත් පියවර ගැනෙනු ඇති.

පාසල් දරුවන්ගේ පෝෂ්‍යදායී ආහාර වේළ සඳහා දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 82ක් ලෙස ගණන් බලා ඇති අතර එම සහල් ප්‍රමාණය වී අලෙවි මණ්ඩලය හරහා ලබා ලබා ගැනීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles