Thursday, March 28, 2024

සීත සෘතුවත් සමග ඇෆ්ගනිස්තානුවන් දුෂ්කරතා රැසක

මේ වනවිට පවතින දැඩි සීත කාලගුණයත් සමග ඇෆ්ගනිස්තානයේ බහුතර ජනගහනයක් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව විදෙස් වාර්තා සදහන් කරයි.

ප්‍රමාණවත් ආහාර, සීත කාලගුණයට සරිලන ඇදුම්, ආදිය නොමැති වීම හේතුවෙන් මිලියන 20 කට ආසන්න ජනකායක් පීඩාවට පත්ව සිටින බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

මෙම ජනතාවට අවශ්‍ය ආධාර සැපයීම සදහා මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් බිලියන 1.5 ක් පමණ රැස් කර ඇති බව පැවසේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන සහන කාර්යාලයේ ස්ටීවන් ඩුජාරික් සදහන් කළේ මෙම මුදල සහන කටයුතු සදහා ප්‍රමාණවත් නොවන බැවින් තවදුරටත් අධාර මුදල් රැස් කිරීමට සිදුව ඇති බවයි.

ඉදිරි කාලසීමාවේදී ඇෆ්ගන් ජනතාවගෙන් සියයට අනූ දෙකකට පමණ මානුෂීය ආධාර සැපයීමට සිදුවනු ඇති බව අන්තර්ජාතික මානුෂීය සංවිධානවල තක්සේරැව වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles