Tuesday, April 23, 2024

පකිස්තානය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු තලෙයිබාන් භාරයට.

ඇෆ්ගනිස්තානයේ ජලලාබාද් නුවර පකිස්තාන කොන්සාල් ජනරාල්වරයා තලෙයිබාන් සංවිධානය මගින් සිය භාරයට ගෙන තිබේ.

ඒ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර අලෙවි කිරීමකට අදාළවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව පකිස්තාන කොන්සාල් ජනරාල්වරයා ජලාලාබාද් නුවර වාණිජ මණ්ඩලයේ ප්‍රධානියාට රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා ආරාධනා කර තිබේ.

ඒ සදහා පැමිණෙමින් සිටියදී ඔහුව ද තලෙයිබාන් සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තලෙයිබාන් සංවිධානය පැවසුවේ වාණිජ මණ්ඩලයේ ප්‍රධානියාගේ මෝටර් රථය තුල තිබී ව්‍යාජ පකිස්තාන හා ඇෆ්ගනිස්තාන විදෙස් ගමන් බලපත්‍ර සොයා ගත් බවයි.

කොන්සාල් ජනරාල්වරයාගේ සහය ඇතිව වානිජ මණ්ඩල ප්‍රධානියා විසින් ඇෆ්ගන් වැසියන්ට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර අලෙවි කර ඇතැයි තලෙයිබාන් සංවිධානය චෝදනා කරයි.

එමෙන්ම වාණිජ මණ්ඩල ප්‍රධානියා තලෙයිබාන් භාරයට පත් වුනු දෙවන අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles