Friday, April 26, 2024

ඇෆ්ගන් කාන්තාවන් ගැන ඉන්දියාව කනස්සල්ලෙන්

තලේබාන් පාලකයන් විසින් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය අත්හිටුවීම මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල සහ අන්තර්ජාතික සංවිධානවල කාන්තා සේවිකාවන්ට රාජකාරිවල නිරතවීම තහනම් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළකර තිබේ.

මෙම කරුණ සම්බන්ධයෙන් සිය රට දැඩි ලෙස අවධානය යොමු කර ඇති බව එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය තානාපතිනි රුචිර කම්බෝජ් පවසයි. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට අධ්‍යාපනයට ඇති නිදහසට ඉන්දියාව නිරතුරුව සහයෝගය දක්වන බවද ඇය පැවසීය.

එක්සත් ජාතීන්ගේ තානාපතිවරිය ANI පුවත් සේවය වෙත පවසා ඇත්තේ, සියලුම ඇෆ්ගනිස්ථානුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන සහ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ සමාන අයිතිවාසිකම් සහතික කරන අන්තර් සහ නියෝජිත රජයක අවශ්‍යතාවය ඉන්දියාව නැවත නැවතත් අවධාරණය කර ඇති බවයි.

ඇෆ්ගනිස්ථානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය මගින් තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට විශ්ව විද්‍යාලවලට යාම තහනම් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ල යොමු කර ඇති බවද ඉන්දීය නියෝජිතවරිය පෙන්වාදෙයි. 

හයවන ශ්‍රේණිය දක්වා සියලුම පාසල් වසා දැමීමට තලේබාන් සංවිධානය ගත් තීරණය සම්බන්ධයෙන්ද එක්සත් ජාතින් සිය බරපතල කනස්සල්ල යළිත් අවධාරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles