Saturday, April 20, 2024

දිවයිනේ ප්‍රධාන නගරවල සියලුම පාසල් වසා දැමේ..!

පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව හා සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේදී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

 ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර ලබාදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අනුව ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්හි සිසුන්ට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බල නොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම යම් පාසලක පැමිණීමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී එම තත්ත්වය මත ද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම් ඒ සඳහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡා කර සිදුසු පියවර ගැනීම සඳහා අවසර ලබාදී තිබෙනවා. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් පළාත්වල කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවැරන්ගෙන් ද විදුහල්පතිවරුන්ගෙන් ද ලබාගත් අදහස් මෙම තීරණ ගැනීමේදී අවධානයට යොමු කළ බවයි අමාත්‍යංශය කියාසිටියේ.

පාසල පැවැත්වුණ ද යම් සිසුන් කණ්ඩායමකට සහභාගී වීමට නොහැකි නම් එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිත කිරීමට හැකියාව පවතිනවා. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේ පැවැත්වෙන්නේ නැහැ.

ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබාදී තිබෙනවා. සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම පහසුවීම වෙනුවෙන් පෙරවරු 8 සිට පස්වරු 1 දක්වා විදුලිය විසන්ධි නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම ද එකඟ වී තිබෙනවා.

මෙම සතිය තුල සිදුවන ක්‍රියාවලිය අවධානයට යොමු කර ලබන සෙනසුරාදා (25) දින පළාත් අධ්‍යාපන නිලධාරීන් ද සමග පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු ජුනි 27 වනදායින් ආරම්භ වන සතිය පිළිබඳ තීරණය කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles