ඇමසන් සැපයුම්කරුවන් චීනයේ බලහත්කාර ශ්‍රමයට සම්බන්ධ වී ඇති බවට චෝදනා

0
583

බලහත්කාරයෙන් ශ්‍රමය භාවිතා කරන බවට චෝදනා එල්ල වී ඇති චීනයේ සමාගම් සමඟ ඇමසන් සමාගම මහජන අනතුරු ඇඟවීම් නොතකා අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවට මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන විසින් ‍චෝදනා නගා තිබේ.

අදාළ නිරීක්ෂණ සංවිධාන විසින් ඇමසන් සමාගමේ ඇතැම් තුන්වන පාර්ශ්ව විකුණුම්කරුවන් බටහිර චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයේ පුද්ගලයන්ගේ බලහත්කාර ශ්‍රමය යොදා ගනිමින් සාදන ලද නිෂ්පාදන ඉදිරිපත් කරන බවට චෝදනා නගා ඇත.

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඇමසන් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් ප්‍රජාව ඇතුළු සුලුතර කණ්ඩායම්වල ශ්‍රමය බලහත්කාරයෙන් යොදාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන බැවින් එම කලාපයේ නිෂ්පාදන මිලදී ගැනීමට එරෙහිව ඇමරිකාව, සහ යුරෝපා රටවල් ගණනාවක් සම්බාධක පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here