Thursday, March 28, 2024

ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!

මොරටුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු පයාගල ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටිය දී හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

හෘදයාබාධය ඇති වීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව යි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ. රෝහල් ආරංචි මාර්ග මේ බව වාර්තා කළා.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පෝලිම් මරණ දිනෙන් දින වැඩි වන බවක් පෙනෙන්නට තිබෙන අතර, ඒ බොහෝ මරණ සිදු වී තිබුණේ හදිසි හෘදයාබාධ හේතුවෙන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles