Thursday, April 25, 2024

යුරෝපය පුරා පකිස්තානයට එරෙහිව බලුච්වරුන්ගේ විරෝධතා

නිදහස් බලුකිස්තාන් ව්‍යාපාරය ජර්මනියේ සහ එක්සත් රාජධානියේ පාකිස්තාන විරෝධී විරෝධතා සංවිධානය කර ඇත්තේ වධ හිංසාවලට ගොදුරු වූවන්ට සහාය දැක්වීමේ අනතර්ජාතික දිනය සැමරීම සඳහා ය.

මෙම විරෝධතාකරුවෝ ජර්මනියේ සහ යුරෝපයේ සෙසු ප්‍රදේශවලදී බලූච් ජනතාවට එරෙහිව පාකිස්තානයේ පවතින රාජ්‍ය ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳව ජනතාව දැනුවත් කළහ.
ජර්මනියේ විරෝධතාව ජූනි 25 වන දින ඩසල්ඩෝෆ් පැරණි නගර කලාපයේ සහ එක්සත් රාජධානියේ ජුනි 26 වන දින ලන්ඩනයේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් ක්‍රියාකාරී මධ්‍යස්ථානයෙන් පිටත පැවැත්විණි.

නිදහස් බලුකිස්තාන් ව්‍යාපාරය පවසන්නේ බලුකිස්තානය පමණක් නොව මුළු ලෝකයම දැනට පකිස්තානයේ අන්තවාදයෙන් පීඩා විඳිමින් සිටින බවයි.

ලෝක බලවතුන් අනිසි ලෙස ක්‍රියා කරන අතර බලුච් ජනතාවට උදව් කරනවා වෙනුවට ඔවුන් මෙම මූලධර්මවාදී රාජ්‍යයන්ගේ වෙනත් ක්‍රියාමාර්ග ගැන පමණක් අවධානය යොමුකිරිම කනගාටුවට කරුණක් බවද උද්ඝෝෂකයෝ පවසති.

බලූච් ජනතාව මේ වන විට ඔවුන්ගේ ජාතික පැවැත්ම සඳහා පමණක් නොව මනුෂ්‍යත්වයේ පැවැත්ම සඳහා ද සටන් වදිමින් සිටින්නේ පකිස්ථානය සහ ඉරානය චීනය සමග ඇතිකරගෙන සිටින සුසංයෝගය ඔවුන් තවදුරටත් පිඩාවට පත්කිරීමට එරෙහිවය.

චීනය සමඟ ඇති කර ගෙන තිබෙන මෙම සහයෝගිතාව කිසිඳු ආකාරයකින් කලාපයට සුබ පෙරනිමිත්තක් ලෙස සැලකිය නොහැකි බවද ඔවුහු පෙන්වාදෙති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles