Thursday, April 25, 2024

අදත් ඒ චරිතෙට මම ගෞරවනීයයි. ඒ මහින්ද රාජපක්ෂ කියන චරිතය.- අනුෂා දමයන්ති

අද වන විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු බොහෝ කලාකරුවන් සමාව අයදිමින් ජනතාවගේ පැත්තේ හිට ගද්දි අනුෂා දමයන්ති දේශපාලනය පිළිබඳව එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ඡාවක අතරතුරෙදි නිවේදකයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ පහත ආකාරයටයි.

” මම පාර්ලිමේන්තුවට යන්න කවදාවත් කැමැති වුණේ නැහැ. දේශපාලනය කියන්නේ මගේ සිනමාව වගේම මම අහම්බෙන් ආපු තැනක්. මම දේශපාලනයට එන්නේ එක්තරා චරිතයක් නිසා මම ඒක කෙලින් කියන්න ඕනේ. අදත් ඒ චරිතෙට මම ගෞරවනීයයි. ඒ මහින්ද රාජපක්ෂ කියන චරිතය.

මොකද මේ රටේ තිස් වසරක අඳුරු කාලයක් තිබුණ වෙලාවක මමත් සිනමාවට ඇවිල්ලා අවුරුදු හතරක් පහක් වගේ වෙලාවක ඒ ගැටලුව නිමාකරන්න චරිතයක් නැගී සිටිනවා එතකොට ඒ ප්‍රශ්නය නිසා මිනිස්සු බැට කාලා ඉන්න වෙලාවක ඒක නිමා කරනවා කියන එක හැමෝගෙම සතුට බවට පත්වුණා. ඒ වෙලාවේ මට තේරුන දේශපාලනය ඇතුළෙ මම ඒ පුද්ගලයාට කැමතියි.

මම හිතනවා ඒ පෞරුෂත්වය තුළින් මේ රට ගලවා ගනී කියලා අන්න එදා තමයි මම දේශපාලනයට එන්නේ. ඒ වගේම මම දැනගෙන හිටියේ නෑ වේදිකාවක් උඩ මට කතා කරන්න පුළුවන්ද කියලා වත්. මට ඒක අහම්බයක්. ඉතින් ඒ චරිතය වෙනුවෙන් මම නැගී හිටිනවා.”

මේ විදිහට තමයි මේ කලාකාරිනිය දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇගේ භූමිකාව පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ.කෙසේ නමුත් ඒ සියළුම අවස්ථාවන් වලදී ඇය පෙනී සිටියේ සහ ඇය නියෝජනය කළේ මහජනතාව කියලත් සඳහන් කළා.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles