Thursday, April 25, 2024

අරගලය අවසන්ද? අපූරු කෙටි වාර්තා චිත්‍රපටයක්…..

අරගලය, නොනිදන අරගලය, ආදරයේ අරගලය ආදී නම් රාශියකින් හඳුන්වනු ලැබූ ගෝල්ෆේස් තරුණ නැගිටීම අළලා කෙටි වාර්තා චිත්‍රපටයක් නිර්මාණය වී ඇත.

‘අරගලයේ සිත්තර ගුරුන්නාන්සේ’ නමින් නිකුත්ව ඇති එය තුළ පැවැති අරගලයේ දී පාලකයන් බලයෙන් ඉවත් කිරීමට කරන ලද බලපෑම සමග දේශපාලන සවිඥානක භාවයක් ජනතාව තුළ ඇති කිරීමට ගන්නා ලද උත්සාහය ගැන සාකච්ඡා කර ඇත.

සුජිත් රත්නායක නමැති ශාස්ත්‍රවන්ත සිත්තරා වටා ගොඩ නැගෙන මෙහි අරගලයේ නැගිටීම්, වැටීම් ආදියත් එය ගත යුතු මග පිළිබඳවත් යම් අදහසක් කියාපායි. එහිදී අදහස් දක්වන සුජිත් මෙවැන්නක් පවසයි.

“මේ අරගලයට සම්බන්ධ නොවුණ කෙනෙක් නෑ. දුප්පතුන්, පොහොසතුන්, සිංහල, දෙමල, මුස්ලිම්, ඉහල මධ්‍යම පන්තිය, පහල මධ්‍යම පන්තිය, අවර වරප්‍රසාදිත, පාදඩ යැයි කියන සමාජ පන්තිය ඇතුළු හැම කෙනෙක්ම මේ අරගලයට සම්බන්ධ වුණා. රාජපක්ෂලා විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගොඩක් කට්ටිය මේ ඩීල් ගහමින් පවත්වාගෙන ගියපු, VIP මේනියාවක් යටතේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා අන්තිමට ජනතාවටම කොකා පෙන්නන වගේ තත්වයට ගියපු එකට විරුද්ධව සහ මේ කැත දේශපාලන සම්ප්‍රදායට විරුද්ධව. ඉතින් මම සම්බන්ධ වෙන්නේ අන්න එතනින්.”

ඔහු ඇතුළු මධ්‍යම පාංතිකයින් බොහෝ පිරිසක් සම්බන්ධ වූ අරමුණ එය බවත් අරගලයේ අවසාන කාලයේ ඒ අරමුණු සාක්ෂාත් කරගැනීමට ඊට සම්බන්ධ වූ ඇතැම් පිරිස් ඉඩ දුන්නේද යන්න මතුවට සාකච්ඡා කළ යුතු බවත් එබැවින් අරගලයේ මුල් දින පනහ දක්වා පැවැති උද්‍යෝගිමත් කාලය මීට පාදක වී ඇතැයි නිර්මාණකරුවෝ පවසති.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් සහ සන්නිවේදකයෙක් වන ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා මෙය අධ්‍යක්ෂණය කර ඇති අතර මෙය MEDIA LAW FORUM හි නිෂ්පාදනයකි. ආචාර්ය රංග කලන්සූරිය මහතා ප්‍රමුඛ පිරිසක් මෙහි අධීක්ෂණ කටයුතු සිදුකර ඇත.

එම සම්පූර්ණ වීඩියෝව මෙතැනින්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles