Wednesday, April 24, 2024

තුන් දෙනෙක් බේර ගන්න හමුදාවෙන් මෙහෙයුමක්..

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමට අයත් අම්බාල්කුලම් වැවේ මිනුම් කටයුත්තක් සිදුකරමින් සිටියදී ඔරුවක් පෙරලී යාම හේතුවෙන් දියේ ගිලෙමින් සිටි තිදෙනෙකු යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගත් සිදුවීමක් වාර්ථා වෙයි.

642 බලසේනාවට අයත් 23 වන විජයබා පාබල රෙජිමේන්තුව ආසන්නයේ පිහිටි අම්බාල්කුලම් වැව දෙසින් පසුගිය 05 වනදා සවස මහහඩින් බේරාගන්න යැයි කෑගසන හඩක් ඇසී ඇසීමත් සමග කඳවුරේ සිටි මේජර් සාලිය පීරිස් මහතා ලාන්ස් කෝප්‍රල් වෙලබඩගේ එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වී කඹයක්ද අතැතිව වහා වැව දෙසට දිව ගියහ.

ඒ වන විටද 642 බලසේනාධිපති කර්නල් මේධංග අල්විස් මහතාද කෑගැසීමේ යඩට පැමිණ වහා උදව්වන ලෙසට අණකොට වැවට දිව ගිය යුදහමුදා නිලධාරීන්ට දක්නට ලැබී ඇත්තේ පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිට ඇති අතර තවත් අයෙකු ගසක අත්තක එල්ලී කෑගසමින් සිටින අයුරුය.

එම් අවස්ථාවේදීම කෝප්‍රල් වෙලබඩගේ සහ මේජර් පීරිස් යන අය කඹයද රැගෙන ජලයට පැන පිහිනා ගොස් දියේ ගිලෙමින් සිටි තරුණයින් දෙදෙනා බේරාගැනීමට සමත්වූ අතර පසුව ගසේ එල්ලී සිටි අනෙක් තරුණයාද බේරාගැනීමට සමත් විය. අනතුරුව අදාල තරුණයින් විසින් පවසා ඇත්තේ තවත් අයෙකු දියේ ගිලී යට ගිය බවටය.

පසුව දියේ ගිලී අතුරුදහන් වූ තරුණයා සෙව්වද සොයාගැනීමට නොහැකි වූ අතර එම අවස්ථාව වන විටත් වැවට පැමිණ සිටි ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව පැයකට පමණ පසුව අතුරුදහන් වූ තරුණයාගේ සිරුර ගොඩගනු ලැබීය. මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ මිණින්දෝරු දෙපාර්තමේන්තුවේ තාවකාලික පදනම මත සේවය කොට ඇති ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් යොවුන් පාර්ලිමේන්තුවටද තේරිපත් වූ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි නමාසිවායම් ඩිලක්ෂණ් නැමති තරුණයා වන අතර ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles