Friday, April 19, 2024

Backups වලට විශේෂ ආරක්ෂාවක් දෙමින් අලුත් වූ WhatsApp හදුන්වා දුන් නවතම පහසුකම

Android සහ iOS යන දුරකථන දෙකෙහිම WhatsApp Cloud Backups සඳහා නවතම End-to-end Encrypted ක්‍රමය හඳුන්වා දී තිබේ.

පසුගිය වසර පහ තුළ ද වට්සැප් විසින්ම මෙය Default සංකේතගත කර තිබුණි. කෙසේ වෙතත් ඔබගේ Backups සඳහා ඔබට End-to-end Encrypted සංකේතනය ක්‍රියාත්මක කළ හැකි වේ.

WhatsApp end-to-end encrypted backups are now live on both Android and iOS

මෙය පාරිභෝගිකයා විසින් සකස් කර ගත යුතු බව වට්සැප් හිමිකරු වන මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් නිවේදනයේ සඳහන් කර ඇත.

ඒ අනුව එය සිදු කරන ආකාරය වන්නේ Settings > Chats > Chat Backup > End-to-end Encrypted Backup ලෙසයි.

මෙහිදී ඔබ කැමති මුරපදයක් හෝ ඔබ පමණක් දන්නා ඉලක්කම් 64 ක සංකේතාංකන මුර පදයක් භාවිතා කිරීමට සිදුවේ.

ඔබ ඒ සියල්ල සැකසූ පසු, ඔබේ යතුර හෝ මුරපදය නොමැතිව WhatsApp හෝ ගූගල්ට හෝ ඇපල් සමාගමට ඔබේ Backups කියවීමට නොහැකි වීම විශේෂත්වයක් වනවා.

එනම් එවැනි පරිමාණයකින් මෙතරම් ආරක්‍ෂාවක් ලබා දෙන එකම ගෝලීය පණිවිඩ සේවාව WhatsApp බව වැඩිදුරටත් එම පණිවිඩයේ සඳහන්.

WhatsApp End-to-end Encrypted Backup කිරීමට ඉඩ සලසන නව විශේෂාංගය Android හෝ iOS සඳහා නවතම WhatsApp සංස්කරණයන්ට ඇතුලත් කර ඇති අතර එමගින් මෙම සේවාව සෙමින් සෙමින් ව්‍යාප්ත වනු ඇති බවට අදහස් පළකරනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles