Friday, March 29, 2024

තලේබාන්වරු කාන්තාවන්ට වැඩ තහනම් කිරීම නිසා රටේ රාජ්‍ය නොවන සංවිධාන කටයුතු අඩාල වේ

තලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව රට තුළ සිය නිත්‍ය මෙහෙයුම් අක්‍රීය වී ඇති බව අන්තර්ජාතික මානුෂීය සංවිධාන ප්‍රකාශ කර තිබේ.

තලේබාන් බලධාරීන් විසින් දෙසැම්බර් 24 දින ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ටරාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලදී.

දැනටමත් කාන්තාවන් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ ගැහැණු ළමයින් සඳහා ද්විතීයික පාසල් අධ්‍යාපනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබීමෙන් පසුව මෙම තීරණය ගනු ලැබීය.

නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ  මහලේකම් ජෑන් එග්ලන්ඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ තම සංවිධානයට ඇෆ්ගනිස්ථානයේ දිගටම ක්‍රියාත්මක වීමට කාන්තා කාර්ය මණ්ඩලය අත්‍යවශ්‍ය බවයි.

සිය කාර්යාල හිස්ව ඇති අතර, ඇෆ්ගනිස්ථානය පුරා සියලුම මෙහෙයුම් අඩාල වී ඇති බවත්, කාන්තා සහ පිරිමි කාර්ය මණ්ඩලය නොමැතිව ඔවුන්ට ඔවුන්ගේ අත්‍යවශ්‍ය සහන නැවත ආරම්භ කළ නොහැකි බවත් එග්ලන්ඩ් පෙන්වාදෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles