Tuesday, April 23, 2024

චීන භාෂාවෙන් පමණක් කතා කරන ලෙස ටිබෙට් ජාතිකයින්ට බලපෑම්

ටිබෙටයේ ග්‍රාමීය ප්‍රදේශවල චීන නිලධාරීන් ගම්වල නායකයින්ට චීන භාෂාවෙන් කතා කරන ලෙස සහ බීජිං විසින් නියම කරන ලද භාෂා ප්‍රතිපත්තිවලට සහාය දෙන ලෙස බලපෑම් කරන බව වාර්තා වේ.

රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කළේ මෙය ටිබෙට් ජාතිකයන් විසින් ඔවුන්ගේ මව් භාෂාව භාවිතා කිරීම සීමා කිරීම අරමුණු කරගෙන සඳහා චීන බලධාරීන් දියත් කර ඇති මෙහෙයුමක් බවයි.

චීන භාෂාවේ ලිඛිත සහ කථනය ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍යම නැගෙනහිර ටිබෙටයේ කොන්ග්පොහි හි ප්‍රාදේශීය නායකයින් සඳහා දින 10 ක වැඩමුළුවක් ද පවත්වා තිබේ.

මේ අතර 2021 අවසානයේ දියත් කරන ලද තවත් වැඩමුළුවලදී චීන භාෂාවෙන් පමණක් ව්‍යාපාර පවත්වාගෙන යන ලෙස ප්‍රාදේශීය පරිපාලකයින්ට නියෝග කර ඇති බව ද පැවසේ.

මෙම නියෝගයන්ට අනුව ටිබෙට් ග්‍රාමීය සේවකයන්ට සෑම විටම චීන භාෂාවෙන් කතා කිරීමට සහ සන්නිවේදනය කිරීමට සිදුවනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles