Saturday, April 20, 2024

බයිඩන් ඉන්දියාවේ පැත්ත ගනී.

රුසියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමේදී ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ඇමරිකානු කොන්ග්‍රසයේ සැලකිය යුතු නොසන්සුන්තාවක් තිබියදීත්, රුසියා-යුක්‍රේන ගැටුම පිළිබඳව ඉන්දියානු ස්ථාවරය වෙනුවෙන් බයිඩන් පරිපාලනය පෙනී සිටින බව වාර්තා වේ.

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට විරුද්ධවීමට සහ සටන් නතර කර එහි හමුදා ඉවත් කර ගන්නා ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පසුගියදා ඡන්දය ප්‍රකාශ කළේය.

එහිදී රටවල් රුසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටි අතර ඉන්දියාව මෙන්ම පකිස්තානයද ඒ අතර විය.

පකිස්තානයේ එම ස්ථාවරය සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි දෝෂාරෝපණයක් සිදුකළ ද ඉන්දියාවට එරෙහිව එළෙස දැඩි ලෙස අදහස් පළ නොකිරීම අන්තර්ජාතික ප්‍රජාවේ දැඩි අවධානයට ලක්විය.

පෙන්ටගනයේ ප්‍රධාන නිලධාරියෙකු පසුගියදා කොංග්‍රස් රැස්වීමකදී පවසා ඇත්තේ මෙහිදී ඉන්දියාවට රුසියාව සමඟ සංකීර්ණ ඉතිහාසයක් සහ සබඳතාවක් ඇති බව එක්සත් ජනපදය පිළිගන්නා බවයි.

ඉන්දියාව අවසානයේ රුසියාව වෙත පක්ෂපාතී නොවීම ගැන ශුභවාදීව අදහස් පළ කළ යුතු බව ද ඔහු සදහන් කර ඇත.

ඉන්දියාව රුසියාවෙන් ආයුධ මිලදී ගැනීම් විවිධාංගීකරණය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත්, ඒ සඳහා යම් කාලයක් ගතවුවත් ඉන්දියාව ඔවුන්ගේම ආරක්ෂක කර්මාන්තයේ දේශීයකරණය කිරීමට කැපවී සිටීම සුභ ආරංචියක් බව ඉන්දු-පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ සහකාර ආරක්ෂක ලේකම් එලී රැට්නර් මේ අතරවාරයේ දී ඇමරිකානු සන්නද්ධ සේවා කමිටුවේ සාමාජිකයින්ට පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles