Thursday, March 28, 2024

පිරිමින් අබිබවා නැගී සිටින කාශ්මීරයේ කාන්තා ව්‍යවසායිකාවෝ

නැගී එන විරැකියාව සහ ගතානුගතික සමාජ අභියෝග ජය ගනිමින් ව්‍යවසායකත්වයට යොමුවන තරුණියන් ගණනාවක් කාශ්මීරය තුල දකින්නට ලැබෙන බව ඉන්දීය වාර්තා සදහන් කරයි.

පුරුෂයන් අභිබවා ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි කාන්තාවන් ආධිපත්‍යය දරන බවත් බොහෝ අවස්ථාවලදී කාන්තාවන් පිරිමි සගයන් අභිබවා ගොස් කැපී පෙනෙන නායකත්ව කුසලතා පෙන්නුම් කර ඇති බවත් පැවසේ.

කාශ්මීරයේ විශේෂාංග ලේඛක සබා ඛාන් විවිධ බාධකවලට මුහුණ දුන් කාන්තා ව්‍යවසායකයින් සමඟ සාකච්චා කර විශේෂ වාර්තාවක් සකස් කර තිබේ.

ඔවුන් අතර කුල්ගම් දිස්ත්‍රික්කයේ නාගම් ප්‍රදේශයෙන් පැමිණි ෂාමීනා අක්තාර් ව්‍යාපාරය තාවකාලික ගබඩා පහසුකම් සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමයි.

පුල්වාමා දිස්ත්‍රික්කයේ හන්ජි ඛෙලෝ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ඛයිරුල්නිසා කිරි ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඇය ගවයින් සඳහා ආහාර අලෙවි කරයි.

ඇය තම ව්‍යාපාරය ආරම්භ කළේ මූල්‍යමය බාධාවන් නිසා දුෂ්කරතාවලට මුහුණ දීමෙන් පසුවයි.

උතුරු කාශ්මීරයේ බරමුල්ලා දිස්ත්‍රික්කයේ 25 හැවිරිදි අස්මාත් ආරා ඇගේ සහෝදරියන් සමඟ තඹ නිෂ්පාදන අලෙවි කරන බිස්මිල්ලා තඹ සාප්පුවක් පවත්වාගෙන යයි.

සම්බා හි නිහාල්කි ගම්මානයේ පදිංචි මධු භාලා 2010 වසරේ සිට කුකුළු ගොවිපළක් පවත්වාගෙන යයි.

අදාළ වාර්තාවට අනුව මේ වන විට ඉන්දියාවේ කාශ්මීරයේ කාන්තාවෝ මේ වන විට පිරිමින් අභිභවා ගොස් සාර්ථක ව්‍යවසායකයන් බවට පත්ව සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles