Wednesday, April 24, 2024

BREAKING – මරණිට දණ්ඩනය නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි නිදොස්කොට නිදහස් කෙරේ.!

පුද්ගල ඝාතන චෝදනාවකට මරණීය දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (31) තීරණය කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2019 ජූලි මාසයේ 31 වන දා ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට එරෙහිව මරණ දඩුවම ලබා දෙන බව නියෝග කළේය.

එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ අභියාචනාව සලකා බැලීමෙන් අනතුරුව
අද ඔවුන්ව නිදොස්කොට නිදහස් කිරීමට තීරණය කෙරුණි.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් නියම කෙරුණු මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීම සම්බන්ධයෙන් 2020 දී පාර්ලිමේන්තුව තුළ විරෝධයක් මතු වූ නමුත් එය යටපත් කර ඔහුට මන්ත්‍රීධූරයේ කටයුතු කිරීමට කතානායකවරයා අවසර දී තිබුණි.

ඔහු මරණ දණ්ඩනය නියමව සිටින සිරකරුවෙකු පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීමේ ඓතිහාසික වාර්තාවටද හිමිකම් කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles