Friday, April 19, 2024

ප්‍රදේශ රැසක බස් ධාවනයෙන් ඉවතට…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමීමත් සමග ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

කඩවත, කිරිල්ලවල, ගම්පහ, හලාවත ආදි බස් සේවාවන් සම්පුර්ණයෙන් ඇන හිට ඇති බව මගින් පවසනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාව පළ කිරීම සදහා ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බවටයි වාර්තා වන්නේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ අද (19) උදෑසන කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතුවලින් ඉවත් වී ඇති බවයි.

ඡයාරූප : liveat8

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles