Friday, March 29, 2024

ඉන්දියාවේ කාබන් උදාසීන කිරීමේ වැඩපිළිවෙළේ මුල් තැනක් ලඩාක් බෞද්ධ රාජ්‍යයට

ඉන්දියාවේ ලඩාක් යනු සැලකිය යුතු බෞද්ධයන් බහුතරයක් වෙසෙන ස්වභාවික සම්පත්වලින් සමන්විත ප්‍රදේශයක් වන අතර, කාබන් උදාසීන කිරීම සඳහා ඉන්දීය රජය එම ප්‍රදේශය ඉලක්ක කර ඇතිබව වාර්තා වේ.

ලඩාක්හි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ හැකියාවන් පුනරාවර්තනය කිරීම සහ සාකච්ඡා කිරීම සඳහා, අග්නි ව්‍යාපාරයේ පළමු සමුළුව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ‘තිරසාරභාවය සහ සංස්කෘතිය’ යන තේමාව මත ලේහ්හිදී සංවිධානය කරන ලදී.

කාබන් විමෝචනය අවම කිරීම සඳහා අනාගත සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් කිරීම අරමුණු කර ගනිමින් කාබන් මධ්‍යස්ථ ලඩාක් පිළිබඳ අදහස අගමැති නරේන්ද්‍ර මෝදි විසින් හදුන්වා දෙනු ලැබිණ.

එය ලඩාක් ප්‍රදේශයේ සංවර්ධනය සඳහා වූ දැක්ම 2050 හි නෛසර්ගික කොටසක් බවත්, සෑම දෙපාර්තමේන්තුවකම දැක්ම සහ ක්‍රියාකාරී සැලැස්ම තුළ කාබන් මධ්‍යස්ථභාවය ඇතුළත් කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ක්‍රියාකාරී සැලසුම් ලේඛනයක් සකස් කිරීම සඳහා NITI Aayog කොමිසම විසින් බලශක්ති සහ සම්පත් ආයතනය නම් කර ඇති අතර විවිධ අංශවල කාබන් මධ්‍යස්ථභාවය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඇතැම් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles