Thursday, April 18, 2024

කෝවිඩ් සීමා ගැන චීනයේ ජනතා විරෝධය ඉහළට

දැඩි කෝවිඩ් පාලන නීතිරීති සම්බන්ධයෙන් චීන ජනතාව දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බවත් ෂැන්හැයි වැනි නගරවල ජනතාව දැඩි කෝවිඩ් සීමා කිරීම්වලට එරෙහිව විරෝධතා පවා පවත්වන බවත් වාර්තා වේ.

සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට තමන්ට අයිතියක් ඇති බවත් තමන්ට නිදහස අවශ්‍ය බවත් පවසමින් ජනතාව විරෝධය පළකරන විඩීයෝ රැසක් එරට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව ද සදහන් වේ.

චීනය , කෝවිඩ් ශූන්‍ය ප්‍රතිපත්තිය ලෙසින් දැඩි ලෙස කෝවිඩ් පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර මේ හේතුවෙන් නගර වසා දැමීම්, සංචරණ සීමා පැනවීම් මෙන්ම විශාල වශයෙන් පරීක්ෂණ කිරීම් සිදු කරනු ලැබේ.

එහෙත් මේ කිසිවක් එරට තුළ පැතිරයන කෝවිඩ් සිව්වන රැල්ල පාලනය කිරීමට අසමත් වී ඇති බවත් අලුතින් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles