Friday, April 19, 2024

ඇමරිකාව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමට සැරසෙයි

ඇමරිකාව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමට සැරසෙයි

පකිස්තානය සමග වන එෆ් 16 ගනුදෙනුව හරහා අමෙරිකාවට අපේක්ෂාවන් 02 ක් ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ එෆ් 16 ගනුදෙනුව හරහා සිය ප්‍රහාරක ගුවන් යානා වලට පකිස්තාන ගුවන් සීමාවට ප්‍රවේශවීමට අවස්ථාව ලබාගැනීම අමෙරිකාවේ එක් අරමුණක් විය හැකි බවයි.

ඇෆ්ගනිස්තානයේ සිටි ප්‍රබල ත්‍රස්ත නායකයින් ඉලක්ක කර අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලදී ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වුණේ පකිස්තානයටයි.

ඒ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා සිය ගුවන් සීමාව භාවිත කිරීමට පකිස්තානය අමෙරිකාවට අවස්ථාව ලබාදෙන බවටයි.

එවන් පසුබිමක් තුළ එෆ් 16 ගනුදෙනුව හරහා අමෙරිකාව අපේක්ෂා කරන්නේ පකිස්තාන ගුවන් සීමාව භාවිත කර සිය ත්‍රස්ත ඉලක්ක වෙත පහසුවෙන් ලගාවීම විය හැකි බව ජාත්‍යන්තර විචාරකයින් සැක පළ කරයි.

මේ අතර එෆ් 16 ගනුදෙනුවේදී අමෙරිකාවේ තවත් ප්‍රධාන අපේක්ෂාවක් විය හැක්කේ චීනය බව ද විචාරකයින් පෙන්වා දෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පකිස්තානයට ප්‍රබල යුද අවි ලබාදීමට චීනය කැමැත්තක් නොදක්වන බවයි.

එබැවින් එෆ් 16 ගනුදෙනුව හරහා පකිස්තානය සමග පවතින සහයෝගය තීව්‍ර කර ගැනීම අමෙරිකාවේ අපේක්ෂාව බව ද විචාරකයින් පෙන්වා දෙයි.

චීනය ඇෆ්ගනිස්තානය සමග සබඳතා වර්ධනය කර ගැනීමට උත්සහ කරමින් සිටින අවස්ථාවක ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් පකිස්තානය තමන් වෙත නතු කර ගැනීම අමෙරිකාවේ අපේක්ෂාව විය හැකි බව ද ජාත්‍යන්තර විචාරකයින් මත පළ කරයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles