Friday, March 29, 2024

සංවර්ධනයට මුවාවී චීනය ටිබෙටයේ කොමියුනිස්ට් පක්ෂයේ බලපෑම ඉහළ නංවයි.

ටිබෙට් සංවර්ධනය සඳහා ජාතික සහාය ඉහළ නැංවීමට බව පවසමින් ඒ කෙරෙහි අවධානය යොමු කරන සම්මන්ත්‍රණයක් චීනයේ බීජිං හිදී පසුගියදා පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික සහ ටිබෙට් කටයුතු සඳහා මධ්‍යම සම්බන්ධීකරණ කණ්ඩායමක ප්‍රධානී වැන්ග් යැං ද සහභාගී වූ බව පැවසේ.

2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයේ සිට එක්ව කරන කාර්යයන් සඳහා පුළුල් පරාසයක ප්‍රදේශ ආවරණය කරමින් පෙර නොවූ විරූ අරමුදල් සහ පිරිස් එකතු කර ඇති බව ද සදහන් වේ.

විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර හුවමාරු සහ අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට උත්සාහ කරන ලෙසත්, චීන ජාතිය සඳහා ප්‍රබල ප්‍රජාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සහ චීනයේ ජාතික තත්ත්වයන් පිළිබඳ අධ්‍යාපනය වේගවත් කරන ලෙසත් වැන්ග් මෙහිදී ඉල්ලා සිටි බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles