Saturday, April 20, 2024

චීන-ජපාන සමුද්‍ර ආරවුල් උණුසුම් වේ

ආසියාවේ විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක වන චීනය හා ජපානය ඔවුන්ගේ හමුදා වර්ධනය කර ගැනීම සහ සමුද්‍ර ක්‍රියාකාරකම් ඉහළ නැංවීම හේතුවෙන් උණුසුම් වාතාවරණයක් මතුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර චීන මුහුදේ ඩයඕයු දූපත් ලෙස චීනය හඳුන්වන මතභේදයට තුඩු දී ඇති සෙන්කාකු දූපත් අවට මුහුදට නැව් යැවීම සම්බන්ධයෙන් ජපානය පසුගියදා නැවතත් චීනය විවේචනය කරනු ලැබිණ.

ජපානය පැවසුවේ මෙම වසරේ 11 වැනි වතාවට චීන රජයේ නැව් දූපත්වලට ඔබ්බෙන් ජපාන මුහුදු සීමාවට ඇතුළු වන අයුරු දැකගත හැකි වූ බවයි.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, චීන යුද නෞකා තුනක් අඟහරුවාදා ටෝකියෝවේ දකුණු ලූසු දූපත් අසලට පැමිණ තිබේ.

චීන යුද නෞකා ජූනි 12 සිට රුසියානු යුද නෞකා පහක් සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක වූ බව ද ජපානය පවසයි.

කෙසේවෙතත්, ඔවුන් එකිනෙකා සමඟ සම්බන්ධීකරණය කරන බව තහවුරැ වී නොමැති බව ද පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles