Thursday, April 25, 2024

බංග්ලාදේශයේ ආරක්‍ෂක සැපයුම් ආධිපත්‍යය චීනයෙන් ගිලිහෙන ලකුණු

බංග්ලාදේශය සිය ආරක්ෂක සැපයුම් විවිධාංගීකරණය කිරීම සහ ඉන්දියාව, යුරෝපය සහ එක්සත් ජනපදයෙන් ගුණාත්මක ආරක්ෂක භාණ්ඩ ලබා ගැනීම ගැන බංග්ලාදේශයේ විශාලතම ආරක්ෂක සැපයුම්කරුවකු වන චීනය සැලකිලිමත් වී ඇති බව වාර්තා වේ.

චීනය සිය මුළු ආයුධවලින් සියයට 19 ක් බංග්ලාදේශයට අපනයනය කරන අතර කොවිඩ් තත්වය වැඩිවීම හේතුවෙන් බංග්ලාදේශයට චීනය සිදුකරන ආරක්ෂක සැපයුම්වලට බාධා එල්ල වී ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර බංග්ලාදේශ නාවික හමුදාව සිය යාත්‍රා සහ වෙරළ මුර සංචාර වාහන සඳහා අමතර කොටස් සපයන චීන සමාගම්වලට නිෂ්පාදන දෝෂ සහ තාක්ෂණික ගැටලු පිළිබඳව පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ.

අදාළ නෞකා 2011 වසරේ අත්සන් කරන ලද චීන බංගලාදේශ ආරක්ෂක කොන්ත්‍රාත්තුව යටතේ මිලදී ගෙන ඇති බව ද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ඩොලර් මිලියන 500 ක ණය පහසුකම යටතේ බංග්ලාදේශ විසින් ඉන්දියාවෙන් ආරක්‍ෂාවට සම්බන්ධ භාණ්ඩ මිලදී ගැනීමට අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් චීනය කනස්සල්ලට පත්ව සිටින බව ද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles