Saturday, April 20, 2024

රාජපක්ෂ පවුල ගෙදරයාම සහ ශ්‍රී ලංකාවේ චීන සබදතා

විරෝධතාකරුවන් කොළඹ ජනාධිපති මන්දිරයට කඩා වැදීම පිළිබඳව චීන තානාපති කාර්යාලය දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔවුන් කිසිදු ප්‍රකාශයක් හෝ ටිව්ටර් පණිවුඩයක් නිකුත් නොකළ අතර චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයද සඳුදා පස්වරුව වන තෙක් කිසිදු ප්‍රකාශයක් ලබා දුන්නේ නැත. ඒ වන විට ඉන්දියාව, යුරෝපීය සංගමය සහ එක්සත් ජනපදය වැනි රටවල් එම සිදුවීම පිළිබඳ පණිවුඩ නිකුත් කර හමාරය. ප්‍රංශ තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිදුවීම් ප්‍රංශ විප්ලවය හා සසඳමින් ට්විටර් පණිවුඩයක් පවා නිකුත් කරනු ලැබීය.

කෙසේ වුවද රාජපක්ෂ රෙජීමයේ බිඳවැටීමත් සමඟම බීජිං නගරයෙන් ඇති වූ නිශ්ශබ්දතාවය පිළිබඳ ව්‍යාකූල විය යුතු නොවේ. රාජපක්ෂ පවුලට නැවත බලයට පැමිණීමට නොහැකි වන්නේ නම් චීන ජාත්‍යන්තර දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් සිදු වනු ඇත.

සාමාන්‍යයෙන් චීනය ශ්‍රී ලංකාව සමඟත්, විශේෂයෙන් රාජපක්ෂ පවුල සමඟත් දීර්ඝ සබඳතාවක් පවත්වයි. චීන සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු චීනය පිළිගත් පළමු කොමියුනිස්ට් නොවන රටවල් අතර ශ්‍රී ලංකාව ද විය.

එවකට මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමඟ 2000 දශකයේ දෙමළ කොටි පරාජය කරන ව්‍යාපාරය සැලසුම් කරන විට ආයුධ සැපයුවේ චීනයයි. දෙමළ කොටින්ට එරෙහි ව්‍යාපාරයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් බර අවි භාවිතා කිරීම සහ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳව එක්සත් ජාතීන්ට සැළ වූ විට, චීනය සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාරවලට එරෙහිව අනතුරු ඇඟවීමේ ප්‍රකාශයක් පවා සම්මත කිරීමට ගත් උත්සාහයන් වැළැක්වීය.

මෙක්සිකෝව එක්සත් ජාතීන්ගේ විධිමත් සාකච්ඡා න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට උත්සාහ කළ විට චීනය එය නතර කළේය. යුද ජයග්‍රහණයෙන් පසු එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යුද්ධයේදී චීනය ලබාදුන් සහය පිළිබඳව ප්‍රසිද්ධියේ ස්තුති කළේය.

ඒ අනුව රාජපක්ෂ පවුලේ පරාජය ශ්‍රී ලංකාවේ චීන සබදතා කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බව පැහැදිළිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles