Saturday, April 20, 2024

චීනය නේපාලයේ ආර්ථික ආධිපත්‍යය අපේක්ෂා කරන බව හෙළිවෙයි.

චීනය සහ නේපාලය අතර එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ (MoU) පිටපතකින් චීනය මෙම ව්‍යාපෘති හරහා නේපාලයේ ආර්ථික ආධිපත්‍යය අපේක්ෂා කරන ආකාරය හෙළිදරව් වන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

අවබෝධතා ගිවිසුම අත්සන් කර වසර ගණනාවකට පසුව පවා මෙම ව්‍යාපෘති කොතැනකවත් දක්නට නොලැබෙන බවට ද චෝදනා නැගී ඇත..

2017 මැයි මාසයේදී චීනය සහ නේපාල රජය චීනයේ BRI පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ ද නේපාලය හෝ චීනය මෙම වසර පහ තුළම එම ගිවිසුම් ලේඛනය ප්‍රසිද්ධියට පත් කළේ නැත.

මේ අතර, දෙරට අතර අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුමේ පිටපතක් නේපාලයේ දේශීය මාධ්‍ය ආයතනය විසින් සොයාගෙන තිබේ.

එම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත විශ්ලේෂණයට අනුව, චීනය, සිය BRI ගිවිසුම හරහා, නිදහස් වෙළඳ සම්බන්ධතාවයේ නාමයෙන් නේපාලය වෙත සිය ආර්ථික ආධිපත්‍යය, කොන්දේසි සහ පොලී පැටවීමට උත්සාහ කර ඇති බව සදහන් වේ.

නේපාලයට මෙම ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමට නොහැකි වීම පිළිබඳව විශේෂඥයන් කනස්සල්ල පළ කර ඇත.

දේශපාලන විශ්ලේෂක සරෝජ් මිශ්‍රා පැවසූයේ මෙම ලේඛනය ප්‍රසිද්ධියට පත් නොකිරීමට නේපාලයට චීනයෙන් දැවැන්ත පීඩනයක් එල්ල වන්නට ඇතැයි සාධාරණ සැකයක් පවතින බවයි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles