Friday, March 29, 2024

ආසාදිතයින් ඉහළ යාමෙන් චීනයේ ආදාහනාගාර පිරෙයි.

චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමට සාපේක්ෂව එරට ආදාහනාගාර ද කාර්යයබහුල වී ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූප උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ පිරිසක් මියගිය සිය සමීපතමයින්ගේ මෘත්දේහ රැගෙන යාම සදහා අවමංගල්‍ය රථයක් සොයා වෙහෙසෙන බවයි.

ඇතැමුන් ආදාහනාගාර තුළ ස්ථානයක් සොයා ගැනීමට නොහැකිව බොහෝවේලා රැදී සිටින බව ද එම වාර්තා පෙන්වා දෙයි.

චීනයේ ප්‍රධාන නගරවල රෝහල් සහ ආදාහනාගාර පිරී පවතින අයුරු දැක්වෙන වීඩියෝ ප්‍රසිද්ධියට පත් වුනත් චීන රාජ්‍ය මාධ්‍ය ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.

චීනයේ Tongzhou හි ආදාහනාගාර මේවනවිට සිය උපරිම ධාරිතාව යටතේ ආදාහන කටයුතු සිදු කරයි.

මීට පෙර දිනකට මළ සිරුරු 40 ක් පමණ ආදාහනය කළ එම ආදාහනාගාර තුළ මේවනවිට දෛනිකව මළ සිරුරු 150 ක් පමණ ආදාහනය කරන බව පැවසෙයි.

බිජිං අගනුවර ප්‍රධාන පෙළේ ආදාහනාගාරයක් ද පිරී පවතින අතර ආදාහනය සදහා මළ සිරුරු රැගෙන ආ අවමංගල්‍ය රථ ඒ ආසන්නයේ පෝළිම්වල ඇතැයි ද වාර්තා වෙයි.

ඇතැමුන් පවසන්නේ කොවිඩ් හේතුවෙන් මියගිය සිය සමීපතමයින්ගේ ආදාහන කටයුතු සදහා අවස්ථාවක් ලබා ගැනීම වෙනුවෙන් දිනකට වැඩි කාලයක් රැදී සිටි බවයි.

රෝහල්වල ශීතාගාර පහසුකම් හා ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් ආසාදිතයින් මෙන්ම මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු ද රෝහල් තුළ බිම තබා ඇතැම් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles