Saturday, April 20, 2024

යුක්රේන යුද්ධයේ ප්‍රධාන උසිගැන්වීම කරන රට ඇමරිකාව බවට චීනයෙන් චෝදනා

මොස්කව්හි චීන තානාපතිවරයා යුක්රේනයේ යුද්ධයේ ප්‍රධාන උසිගැන්වීම කරන රට ලෙස එක්සත් ජනපදය බවටත් රුසියාව තලා දැමීමට ඇමරිකාව උත්සාහ කරන බවටත් චෝදනා කර තිබේ.

තානාපති ෂැං හන්හුයි පැවසුවේ යුක්‍රේනය යුරෝපීය සංගමය සමඟ පෙලගැස්වීමට උත්සාහ කරන බලවේගවලට සහායදීම සමඟින් එක්සත් ජනපදය රුසියාව පසෙකට කර ඇති බවයි.

ඇමරිකාව, යුක්රේන අර්බුදයේ ආරම්භකයා සහ ප්‍රධාන උසිගැන්වීම ලෙස රුසියාවට පෙර නොවූ විරූ සම්බාධක පනවන අතරම, යුක්රේනයට අවි ආයුධ සහ යුද උපකරණ සැපයීම දිගටම කරගෙන යන බව රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ෂැං පවසා තිබේ.

ඔවුන්ගේ අවසාන ඉලක්කය වන්නේ දිග්ගැස්සුනු යුද්ධයකින් සහ සම්බාධකවලින් රුසියාව වෙහෙසට පත් කර තලා දැමීම බව ද ඔහු එහිදී සදහන් කර ඇත.

සම්මුඛ සාකච්ඡාවේදී, ෂැං වැඩිදුරටත් පැවසුවේ, චීන-රුසියානු සබඳතා ඉතිහාසයේ හොඳම කාල පරිච්ඡේදයට ඇතුල් වී ඇති අතර, ඉහළම මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය, ඉහළම අන්තර්ක්‍රියා සහ විශාලතම උපායමාර්ගික වැදගත්කම මගින් සමන්විත බවයි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles