Friday, March 29, 2024

චීනයේ ඔත්තු බැලීමේ ජාලයක් පිළිබද බ්‍රිතාන්‍ය හෙළිදරව්වක්

බ්‍රිතාන්‍ය මිලිටරි ඔත්තුසේවාව වන MI5, මෑතකදී එක්සත් රාජධානියේ චීන “ඔත්තු බැලීමේ” ජාලයක් පිළිබඳ හෙළිදරව් කර ඇති අතර යුරෝපීය සහ ආසියාතික රටවල් කිහිපයක ඉහළ පෙළේ දේශපාලනඥයන් චීන ඔත්තුකරුවන් විසින් ඉලක්ක කර ඇතැයි අනාවරණය කරගෙන තිබේ.

බි‍්‍රතාන්‍ය රජයට එම ඔත්තු සේවාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව චීන ඔත්තු ජාලය විදේශීය දේශපාලනඥයන් කොමියුනිස්ට් චීනයේ දර්ශනයට පරිවර්තනය කිරීම හා ඔවුන් “ඔවුන්ගේ කැමැත්තට නැඹුරු කර ගැනීම” සඳහා උගුල් ඇටවීමේ සිට තර්ජන කිරීම දක්වා සෑම උපක්‍රමයක්ම භාවිත කර ඇති බව පැවසේ.

වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඕස්ට්‍ර්ලියානු ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානි මයික් බර්ජස් පවසා ඇත්තේ ඔවුන් ඔත්තු බැලීම සදහා අනුමත කළ නොහැකි ක්‍රියාමාර්ග පවා යොදාගෙන ඇති බවයි.

එමෙන්ම බර්ජර්ස් විසින් මෑතක දී ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයට මැදිහත් වීමට උත්සහ කළ “The Puppeteer” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු පිළිබඳ හෙළිදරව් කළ අතර එම පුද්ගලයා විදේශීය රජයේ අවශ්‍යතාවන්ට ගොදුරු විය හැකි යැයි සැලකෙන අපේක්ෂකයකයින්ට සහාය ලබා දීමට සැලසුම් කර තිබූ බව ද අනාවරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles