Wednesday, April 24, 2024

කෝවිඩ් වසංගතය චීනයේ ඇති නැති පරතරය වැඩි කරයි.

කෝවිඩ් වංසගතය හේතුවෙන් චීනයේ ඇති නැති පරතරය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුවේ විශේෂඥයෝ පිරිසක් පෙන්වා දෙති.

කෝවිඩ් වසංගතය ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගේ ආදායම විශාල වශයෙන් ඉහළ නැංවීමට සමත්ව වුවද ලෝක ජන සංඛ්‍යාවෙන් සියයට අනූ නවයකගේ පමණ ආදායම පහළ දමා ඇති බව ඔවුන් අනාවරණය කර තිබේ.

මෙහිදී චීනයේ ඇති නැති පරතරය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් එරට ආදායමෙන් සියයට 70 ක් හිමිව ඇත්තේ ජනසංඛ්‍යාවෙන් සියයට 10 ක් තරම් ප්‍රමාණයකට බව ද හෙළිවී ඇත.

එම තත්වය වෙනස් කිරීම සදහා චීන ආණ්ඩුව වහා අවධානය යොමු කළ යුතුව ඇති බවත් ඒ සදහා විවිධ බදු සහන ඇතුළු වෙනස්කම් ඇති කළ යුතු බවත් එම විශේෂඥයන් සදහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles