Wednesday, April 24, 2024

චීන නියෝගයකට පිටුපෑ ටිබෙට් ජාතිකයන් 170ක් රදවා ගැනේ.

චීනයේ ගේඩ් ප්‍රදේශයේ තණබිම් රාජසන්තක කිරීමට රජය දුන් නියෝගයට විරුද්ධ වීම නිසා චීන බලධාරීන් විසින් ටිබෙට් ජාතිකයන් 170 ක් ගේඩ් ප්‍රාන්තයේ ගම්මානයක රඳවා ගත් බව ටිබෙට් පුවත් වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.

සංක්‍රමණික ටිබෙට් ජාතිකයන් තම ගවයන් තබා ගැනීම සඳහා භාවිතා කරන ඉඩම ඔවුන්ට වසර 50 දක්වා වලංගු බලපත්‍රයක් සහිතව ලබා දී තිබූ අතර චීන ආක්‍රමණයෙන් පසු මෙම ඉඩම් රජයේ පාලනයට නතු විය.

තෘණ බිම් භාවිතය පිළිබඳ පාරම්පරික සහතික ඉවත් කර චීන බලධාරීන් එම ඉඩම් රාජසන්තක කරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ග්‍රාමීය ටිබෙට් ජාතිකයන් කියා සිටින්නේ බලපත්‍රයක් සමඟ භාවිත කිරීමට ලබා දී ඇති ඉඩම් ජනතාවට අයත් විය යුතු බවයි.

එම ප්‍රදේශයේ ටිබෙට් ජාතිකයන් චීන නිලධාරීන්ගේ මෙම නියෝගයට විරුද්ධ වී ඇති අතර තණබිම් මිනිසුන්ට අයිති විය යුතු බව ප්‍රකාශ කර ඇත.

මෙම විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස, ගාඩ් ප්‍රාන්තයේ ටිබෙට් ජාතිකයන් 170 කට අධික සංඛ්‍යාවක් එම ප්‍රාන්තයේ එක් පොලිස් ස්ථානයකට කැඳවා, රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇති බවයි ෆායුල් පුවත් වාර්තා කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles