Thursday, April 25, 2024

ව්‍යාජ කෝවිඩ් අනතුරු ඇඟවීම් නිකුත් කරන බවට චීනයට චෝදනාවක්

අපේක්‍ෂිත විරෝධතාවලට පෙර ක්‍රියාකාරීන් අගුලු දමා මර්දනය කිරීම සඳහා ‘ව්‍යාජ කොවිඩ් සම්බන්ධතා ලුහුබැඳීමේ ඇඟවීම්’ (Fake Covid Contact-tracing alerts) නිකුත් කිරීම පිළිබඳ චීන බලධාරීන් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

රට තුළ පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමට නිවැසියන් ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් වල කේත පරිලෝකනය කිරීම චීනය තුළ මේ වන විටත් අනිවාර්ය තත්ත්වයක් වන අතර රතු කේතයක්’ ලැබෙන්නේ නම් ඔවුන්ට දැඩි සංචලන සීමාවන්ට යටත් වීමට සිදු වන බව පැවසෙයි.

පසුගිය මාසයේ මුදල් ආපසු ගැනීම් අත්හිටුවීමක් නිසා අතෘප්තිමත් බැංකු ගණුදෙනුකරුවන් පිරිසක් ඔවුන්ගේ මුදල් සඳහා ප්‍රවේශය ඉල්ලා හෙනාන් පළාතේ අගනුවර වන ෂෙන්ග්ෂු වෙත යාමට උත්සාහ කළ අතර ඔවුන්ගේ උපාංගවලට ව්‍යාජ රතු කේත ඇඟවීම් ලැබීම පිළිබඳ වාර්තා කිහිපයක් මතුවීම ජනතාවගේ නොසන්සුන්තාවයට හේතු විය.

එක් බැංකු ගණුදෙනුකරුවකු නගරයට පැමිණෙන විට PCR වෛරස පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මකව තිබියදී රතු කේතයක් ලැබුණු බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

තවත් අයෙක් තම නිවසින් පිටව නොගොස් එය ලබා ගත් අතර ඇතැමුන් ෂෙන්ග්ෂු හැර යන විට ඔවුන්ගේ රතු කේත කොළ පැහැයට හැරුණු බව රජයේ ටැබ්ලොයිඩ් පුවත්පතක් වන Global Times වාර්තා කළේය.

එහි හිටපු කර්තෘ සහ ප්‍රමුඛ විචාරක Hu Xijin අඟහරුවාදා එය හැඳින්වූයේ ‘වසංගත වැළැක්වීමේ නීති කඩකිරීමක්’ හා ‘වෛරසයට එරෙහි සටන සඳහා ජනතාවගේ සහයෝගයට හානි කරන’ තත්ත්වයක් ලෙසයි.

කෙසේවෙතත් ෂෙන්ග්ෂු හි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ තත්ත්වය පිළිබඳව ‘දැනට විමර්ශනය කරන’ නමුත් වැඩිදුර තොරතුරු ලබා දිය නොහැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles