Saturday, April 20, 2024

චීනයේ ව්‍යාපාරික වෑයමකට බ්‍රිතාන්‍යය හරස් වෙයි.

චීන ආයෝජන කෙරෙහි බ්‍රිතාන්‍යයේ උග්‍ර වන විරෝධයේ නවතම උදාහරණයක් වශයෙන් හොංකොං පදනම් කරගත් සමාගමක් විසින් බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොනික නිර්මාණ සමාගමක් පවරා ගැනීම එක්සත් රාජධානියේ ආණ්ඩුව විසින් අවහිර කර තිබේ.

මීළඟ චාන්සලර්වරයා වීමට ඉඩ ඇති බවට ඇතැම් කොන්සර්වේටිව්වරුන් විසින් ඉඟි කර ඇති ව්‍යාපාරික ලේකම් ක්වාසි ක්වාර්ටෙන්ග්, හොංකොං පදනම් කරගත් සුපර් ඔරේන්ජ් සමාගම විසින් පරිපථ තැනීමට භාවිතා කළ හැකි මෘදුකාංගයක් වන Pulsic සමාගම අත්පත් කර ගැනීම නවතා ඇති අතර ඒ ජාතික ආරක්ෂාවට වන අවදානම අවම කිරීමේ අරමුණින් බව දක්වමිනි.

Pulsic හි බුද්ධිමය දේපල සහ මෘදුකාංග ආරක්ෂක හෝ තාක්ෂණික හැකියාවන් ගොඩනැගීම සඳහා භාවිතා කළ හැකි බව බ්‍රිතාන්‍යයේ ව්‍යපාර, බලශක්ති සහ කාර්මික උපාය මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමගින් නිෂ්පාදන සිවිල් හෝ හමුදා සැපයුම් දාමයක භාවිතා කරන උසස් ඒකාබද්ධ පරිපථ ගොඩනැගීමට පහසුකම් සැලසිය හැකි බටව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

මීට පෙර බොරිස් ජොන්සන්ගේ පරිපාලනය විසින් Huawei Technologies බ්‍රිතාන්‍යයේ 5G ජාලයට සහභාගී වීමද අවහිර කරනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles